Thursday, November 17, 2022

Daffodil Terrace 28

 #DT


28


වෘක සිරුරක් ඇතු‍ළේ වුනත් මනුස්ස ආත්මයක් පණ ගැහෙන්නට පටන් ගෙන තිබීම මට දැනෙමින් තිබුණේය. සිය අත් ලා වලින් දම්වැල් එහ‍ාමෙහා කරමින් මා එතැනින් මුදවා ගත් අත‍ර බිම්‍ගේ ඇතුළේ සිව්පාද වලින් ඇවිදින පළවෙනි වතාවේ මා මගේ සමතුලිතය බි‍ෙඳතැයි බියෙන් පළමු පියවර දහය තියන්නට ඇත. එහෙත් එහි කිසිම අසම්පුර්ණ බවක් තිබුණේ නැති නිසා ඊලග පියවර තියන්නට නොපැකිළුණෙමි. බිම්ගෙයින් පිටතට මා පිය තියන වාරයක් වාරයක් ගානේ චාරුදර මා සමග පියවර තැබුවේය. ඉනික්බිති චාරුදරගෙන් එහාට වනාන්තරයේ දුවන්නට මට සිතිණි. ඒක විකාර සහ හිතුවක්කාර සිතුවිල්ලක් බව හැබෑවකි. එහෙත් සමහර මනුස්ස සිතුවිලි තමන්ගේ වේශය වෙනස් වුවා කියා වෙනස් නොවේ. මට හැමවෙලාවේම උවමනා වු නිදහස් ජීවිතය දැන් මට ලැබී ඇති බව දැනී මම එයින් ඔද වැඩී සිටියෙමි.


හති වැටෙන තෙක් කැ‍ළයේ උතුරු දිසාවට වු පාරක් දිගේ දුවසින් සිටි මා එක වර නවතුණෛ් මගේ හිසේ කිසිවක් වැදීම හේතු කරගනය. ඒ වැදීම කොතෙක්ද  කියනවා නම් ඉන් ලද දරු‍ණු වේදනාව මට දරාගත හැකි එකක් නොවීය. එය වැදුනේ ම නළල මැද්දටමය. මරපොළකටය. දෑත බදා ගැසු පොලු පහරකැයි දැනුණත් ඊට විරුද්ධව කිසිවක් කර ගන්නට අලුත්ම අලුත් වෘක කෙල්ලකට කරගත හැකි කිසිවක් නැත. කුමාරිකාවක් වුණත් හිතුවක්කාර කම හොඳකට නොවේ. මා ඒ පාඩම පළමු දවසේම ඉගෙන ගත් එක හොඳය. කොහොම වුණත් ඒ පොලු පහර සමග ඇස් නිලංකාර වෙද්දී ම මට පොලු පහරක් එල්ල කළ කෙනා ගේ ඇගට කඩා පනින වෘක රංචුවක්ම මගේ ඇස් මානයට හසුවිණි. ඒ මොහොතේ මනුස්සයෙකු සේ හිතන්නට මට නුහුරු හැගිමක් දැනුණත් පණ එපා යයි හිතා ඒ මනුස්සයා දුව යන්නට ඇතැයි මම අනුමාන කරමි.


මා නැවත සිහියකට එලඹෙද්දී මා සිටියේ තැනිතලා භුමියක දිගාවී ගෙනය. හොඳ වෙලාවට මා නැවත මනුශ්‍ය භාවයට පැමිණ නැත. නැත්නම් මේ වෘක මිනිසුන්  ඉදිරියේ මට සිදුවෙන්නේ ලැජ්ජාවටම මියැදෙන්නටය. එදා චාරුදරගේ ඇඳුම් සගවා ඔහුට කළ තුට්ටු දෙකේ විහිලුව අනික් පැත්තට ඕනැම වෙලාවක එන්නට පුළුවන් බව මට දැන් වැටහෙයි.


චාරුදර එතැන ට ආවේත් මා ඇස් අරිද්දී මා ළග සිටියේත් යැයි මම තේරුම් ගනිමින් සිටියෙමි. වෘක ධේනුවක් වෘකයින් හතලිහක් සිටි රංචුවක මම සෙමෙන් නැගී සිටියෙමි. ඔවුන් එක එකා මා දෙස බලමින් ඔවුන්ගේ වෘක බෙලි එක් පසෙකට නවමින් මා වෙත සිය ගෞරවය පුද දෙන ලදී. අවසානයට ඉතිරි වුයේ ත්‍යාගත් චාරුදරත් පමණකි. ඔවුන් ප්‍රධාන භුමිකාව රගපාන වෘකයින් වෙති. මම ඔවුන් දෙස සම ඇසින් බැලුවා විනා කිසිදු අාකාරයකින් ඔවුන් ගෙන් කිසිදු ගරුසරුවක් බලාපොරොත්තු නොවී සිටියෙමි. ඇසින් ඇස වැදෙන විට අප අතරට භාෂා පරිවර්තකයෙකු පැමිණියා වැනි හැගිමක් දැනෙන්නත් ඔහු කියන්නට උත්සාහ කරන දේ බිත්තියක ලියවෙනවා මෙන් පැහැදිලිව පෙනෙන්නත් පටන් ගත්තේය. මම මගේ සිත ද සෙමෙන් විවෘත කරන්නට පටන් ගත්තෙමි. කොහොමටත් වෘක වේශයට මාරු වෙන්නට පෙර මම මගේ කරෙහි වු පුරාතණ ආරක්ෂක මාලය ගෙලෙන් ගලවා ඇඳුම් අතරෙහි තැබුවෙමි.


මා රෝස සඳ මැණික ගැන කියනා දේ හොඳින් වටහා ගන්නා බවක් ත්‍යාග ගෙන් පෙනුණත් ඔහු අප පෙර සාකච්ඡා කළ පරිද්දෙන්ම කිසිම කොන්දේසියකින් තොරව ඊට එකග වෙන බවක් නොපෙනුණි.


“ ඒක දෙන්න පුලුවන්.. ඔය රිචුවල් එකේදි අනිවාර්යෙන් ස්ටෝන් එක පුපුරලා යනවා. ඒකෙන් තමයි ආයෙත් එයාගෙ ආත්මය නිදහස් වෙන්නෙ..ඉතින් මේක තමයි මං දන්න විදියට ලංකාවෙ ඉතිරි වෙලා තියෙන අන්තිම රෝස මුන්ස්ටෝන් එක.. “


“ඔයාට පුලුවන්ද ඒක මට දෙන්න”


“පුලුවන් හැබැයි ඔයා පොරොන්දු වෙන්නෝන ඊලග පෝයට අපිව මේ කර්ස් එකෙන් ගලවනව කියලා”


“ ඒ කියන්නෙ අපේ වෙඩින් එක එදාට ඇරේන්ජ් වෙන්නෝන කියනෙක නේද”


“ ඔවු තීනු.. මොකද අපි මේ තිස්නම දෙනෙක් පුදුම දුකක් විදිනවා. අනිත් එක කර්ස් එක ත් එක්කම අපි දෙගොල්ලන්ටම හොඳ දේකුත් වෙනවනෙ”


“මට තේරෙනව”


මම මට තේරෙනවාය කීවෙමි. ඒත් මට නොතේරෙන බොහෝදේ එතැන තිබේ. මේ පුරාතන වංශකතාවල හැටියට මිනිස්සුන්ට අහිමි වී යන ආදරය ගැන කොතැනකවත් ලියැවී නැත. ඔවුන් සිතන්නේ පොතේ කොළ වල ලියා ඇති වාක්‍ය ටිකක් හේතුවෙන් කිසිවෙක් ආදරය නොකර සිටිය යුතුය කියාය. චාරුදරත් මාත් ආයේ බිම්ගේ වෙත ආවේ සිදුවු සියල්ල සිත්වල දරාගෙනය. රෝස සඳ මැණික ඇති තැන චාරුදර ත්‍යාග ගෙන් අසා ගන්නට ඇතැයි මම සිතා සිටිමි.


අප දෙදෙනා එකිනෙකාට වෙන හැම දේකටම වඩා පෙම්වත් බව දැනගන්නට අපේ සුපුරුදු මනුශ්‍ය වේශය අත් අරින්නටම සිදුවුනා නේදැයි මට හිතන්නට සිදුවිය. ප්‍රේමය අපුරුය. එය දැනෙන්නට පටන් ගත්තේ මා චාරුදර සමග හීත සුලග ට වැනෙන ජේත්තුකාර තෘණ පත් වලින් පිරුණ තෘණ යායක පළමු වතාවට ඇවිද යද්දීය. ඒ උස ගස් සහිත කැළැවේ එක්තරා ඉසව්වකි. දේවදාර උයනෙහි ලස්සන තැනකි.


අපි වෘක යුවළක් ලෙසින් තෘණ යායේ ඇවිදිමින් සිටියෙමු. අහස පුරා තරු තැනින් තැන තිබිණි. සඳ ඈතින් පායා තෘණ යාය දෙස එබි බැලුවේය. නැවත මනුශ්‍යයෙක් විය යුතුද නැත්ද කියා හිතන්නට තරම් ඒ රාත්‍රිය අපුර්වව දැනුණේය. අපි බිම හිඳ ගත්තෙමු. චාරුදරත් මා අසලින් වැතිරිණි. එකිනෙකාගේ පාද එකිනෙකාගේ පාද වලින් හෙම්බත් කරගන්නා අතරේත් අප අතර ආදරය උතුරා යාමේ ආනුභාව සම්පන්න භාවනාමය හැගීම දැනෙමින් තිබුණේය.


“මිනිස්සු ආදරේ කරනවා නම් උන්ටත් පුලුවන් වෙන්නෝන අනික් කෙනා මත්තෙම ඉම්ප්‍රින්ට් වෙන්න” මම කීයමි. කියනවා නොවේ චාරුගේ ඇස් අස්සේ මගේ හැගීම් ඔබ්බවමි. ඒ මුහුණේ සිනාවෙන්නට විදියක් නැත.


“ ඉම්ප්‍රින්ට් වෙලා ජීවත් වෙන්න තරම් මිනිස්සු එක්කෙනාට එක්කෙනා අවංක නෑ” චාරු කියෙව්වේ වේදනාවෙනි.මට ඔහුගේ ප්‍රේමය පිලිබඳ නොතේරෙන තැන් අපමණ කි. 


"මං ඔයාට ආදරෙයි තීනු.."

"මං ඔයාටත් වඩා ඔයාට ආදරෙයි..මට ඔයාටත් වඩා ඔයාව දැනෙනවා. මට ඕනෙ ඔයාටත් වඩා ඔයාව සතුටින් තියන්න.."

"එහෙම කෙල්ලෙක් කියන්නේ හීනයක්.."

"ඒ හීනෙ ඔයාගෙ ඇස් ඉස්සරහම ඉන්නෙ ඉතින්.."


රාත්‍රි මධු සාද කෙළවර වෙයි. සඳ වැඩ මුරය අවසන් කරයි. මෙතෙක් හවුලට සිටි තරු කැට ටිකටද ඉගි කර අහස් තලාවෙන් නික්මෙයි. රහසින් සුර්ය ද්වාරයට එබෙයි. හිරු සිටින්නේ පෙරඹරෙහි හැඩ බලමිනි. නිළමේ ඇදුම ඇද ආඩම්බරකාර හැගුමෙනි. පෙරහැර පටන් ගන්නට ඉස්සර වලාකුළු නැට්ටුවන්ගේ වෙස් නැටුමකි. සඳ දැන් සදලුතලයෙහි මුලු ගැන්විලාය. මාත් චාරුදරත් හිරුට නිරාවරණය වෙමිනි. අපි වේගයෙන් බිම් ගේ කරා ඇවිද ආවෙමු. ඔහු මට වෘක ඇඳුමෙන් මිනිස් ඇඳුමට මාරු වෙන හැටි කියා දුන්නේය. පියවරෙන් පියවර සංයමයෙන් හුරු කරගත යුතු කායික වෙනස්කමත් මානසික සුදානමත් එකසේ පහදා දුන්නේය. 


නියපොතු කෙටිවීම සිරුරෙ රෝම වල ස්වභාවය වෙනස් වීම පරිපුර්ණ ස්ත්‍රී ශරිරයකට සම්පුර්ණයෙන් මාරුවීම ආදී සියලු පියවර නැවත සාර්ථක ව අවසන් කිරීමට සැලකියයුතු කාලයක් ගතවිණි. නිර්වස්ත්‍ර කාන්තා ශරීරය කෙටි කොට කලිසමකින් හා ටීශර්ටයකින් වසාගෙන මම බිමින් වාඩිවි කල්පනා කරමින් සිටියෙමි.චාරුදර ඩෙනිම් කලිසමක් පමණක් ඇදගෙන බිම්ගේ තුලට ආවේය.  මගේ ෆෝන් එක මදෙසට දිගු කළේය. මම එය අතට ගත්තෙමි. 

පෙරදින රාත්‍රි පුරාවට පැමිණ තිබු දුරකතන ඇමතුම් අතරේ රන්දික ගෙන් ඇමතුමකි. රන්දාකත් මාත් ආදරය කරන්න පටන් ගෙන ඇත්තේ මේ වෘක මිනිස් ජනපදයේ ශාපයක් අයින් කරවන්නට මොව්න්ට තිබ් උවමනාව බව ඔහුට කියන්නට මගේ බොලද මොළයට දැනෙයි. එහෙත් රන්දික කියන්නට හදා ඇත්තේ වෙන කතාවකි. එය දැනගන්නට මට ඔහුට කතා කරන්නටම සිදුවිණි. 


"තීනු.."

"ඕ.."

"මොනාද වෙන්නෙ ඉතින්"

"අවුලක් නෑ .ඉතින් ඔයාට කොහොමද ? කෙල්ලෙක් එහෙම ඉන්නවා ද ඉතින් දැන්?"

"ඉන්නවාම කියන්නත් බෑ.නෑම කියන්නත් බෑ ඉතින්"

 රන්දික සව්මිය හේවාමාන්න සාමාන්‍ය පුරුද්දේ හැටියට බොරු නොකියයි .අනිවාර්යෙන්ම ඔහු ඔහුගේ ඇට ඉලිප්පුන කෙට්ටු පපුව යට තියනා  රතු හදවතින් අඩක් හෝ කාට හරි දී තියේ. 

"මොකෝ ඉතින් හදිස්සියෙ කතා කරන්න පටන් ගත්තෙ ඒ?"


"ඔයා ඉන්න සිසිටිවි රෙකෝඩ්ස් ගොඩකුයි ඔයාගෙ විස්තරයි දීලා ඔයා ගැන ාප්‍රාෆයිල් එකක් හදනවා කවුරු හරි. අපි ට මේවගෙ වැඩ කරද්දි ක්ලයන්ට්ව අදුනගන්න අවස්ථාවක් එන්නෙ නෑ.. කෝඩ් එකකින් තමයි හැමදේම වෙන්නෙ. අසයින්මන්ට් එක එන්නෙ. සල්ලි ට්‍රාන්ස වෙන්නෙ.. ඔක්කෝම "


"ඒ කියන්නේ , මාව කාටහරි ප්‍රොජෙක්ට් එකක් වෙලාද?"


"ඔව්.. ඒත් ඒකට එවිඩන්ස් නෑ.. "


"එවිඩන්ස් තියං කවුද වැඩ කරන්නෙ?"


රන්දික කීවේම මේ පසුපස කිසියම් සංවිධානාත්මක කල්ලියක් ඇති බවයි. එහෙත් එවැන්නක් කරන්නට තරම් මා වැදගත් කාට වෙන්නට පුලුවන් දැයි මට අදහසක් හෝ නැත. 


"මං සමහර විඩියෝස් වලින් ඔයාගෙ ඩේටා අයින් කළා.."

ඔහු කීවේ අවසානයටමය.එහෙත් ඩාක් වෙබ් ගැන මා දන්නා දේවල හැටියට ඒවා ඇතුළේ වන රහසිගත ගණුදෙනු වල මෙහෙයුම් මෘදුකාංග හසුරවන්නන් ගැන දැනුවත් අයද වෙති. මට බය රන්දික මා හින්දා කිසියම් අමාරුවක වැටේදැයි කියාය.


චාරුදරත් මාත් ඔහුගේ ගෙදර මිදුලේ වාඩිවී කතා කරමින් සිටියේ ඒ ව්‍යාපෘතිය කුමක් විය හැකිද යන්නයි. 

"රන්දිකට කිසිම අයිඩියා එකක් නැත්ද?"

"ම්හ්.. නැහැ. ඒ වැඩ වලදි ක්ලයන්ට්ට තියෙන්නෙත් කෝඩ් එකක්. රන්දිකලට තියෙන්නෙත් කෝඩ් එකක්..එතකොට කවුරු කවුරු එක්ක වැඩ කරනවද කියලා හොයා ගන්න බැහැ"

"ආනික්‍යාගෙ වැඩේ කවදද කරන්නෙ…"

" එන මාසෙ ෆුල් මුන් එකට කලින්.. එයා දවසක් බලල දෙයි"

" මට ත්‍යාග රෝස සඳ මැණික තියෙන තැන කිව්ව..රිචුවල් එකට තව මොනාද ඕනෙ කියලා ආනික‍්‍යා කිව්වද"

" මැණිකයි, මගේ ලේයි.. වැම්පයර් කෙනෙකුගෙ ලේයි.. තව පුරාණ මොකක්ද වංශයකින් පැවතෙන විච් ජින්ස් තියෙන කෙනෙක් ඒ මන්ත්‍ර ජප කරන්නෝන කිව්වා.."


චාරුදර මදෙස බැලුවේ විස්මයෙනි. 


"පුරාණ මොන වං්‍යයකින්ද?"

"මට හරියටම මතක නෑ"

"මං දන්න විදියට නම් .. භාගි ලගෙ පරම්පරාව දැන් ඉවරයි.. ඌට දැන් දන්න ස්පෙල්ස් ටික හරියට කියාගන්නවත් හයියක් නෑ. ඔය කියන තරම් බලගතු ස්පෙල් එකක් කඩන්න වෙන මොකක හහරි විදියක් ඇති.. "


චාරුදර කතා කළේ අවිනිශ්චිත හඩකිනි. එහෙත් මම ආනික්‍යාට නැවත ජීවිතය දීම පිලිබඳ විශ්වාසයෙන් පසුවෙමි. සියල්ල සිදුවන්නට ඇත්තේ කෙටි කාලයකි. ඒ කෙටි කාලය තුල හැමදේම හොදින් සිදුවෙනු ඇත. ආනික්‍යා නැවත සිය ආත්මය සහ සිය සිරුර ඒකාත්මික කරගන්නට වාසනාවන්ත වෙනු ඇත. 


" ඔයාට මොකද දැන් හිතෙන්නෙ.. පළවෙනි ට්‍රාන්ස්ෆෝම් එකෙන් පස්සෙ .."

"මහන්සියි ටිකක්"

"ඒක නං සාමාන්‍ය දෙයක්.."

"හැබැයි මට කියාගන්න බැරි සැහැල්ලුවක් දැානනව.ඉපදිච්ච දා ඉදල තිබිච්ච මොකක්ද මන්ද.. ප්‍රෙශ එකක් රිලීස් වුනා වගෙ එකක්.මං කොච්චර නයිට් ක්ලබ් ගානෙ අතන මෙතන ගිහින් ඩාන්ස් කරල වැටෙන්න බීල සැහැල්ලු වෙන්න හැදුව කෙල්ලෙක්ද?"

"ඒක තමයි කියන්නේ .. අපි ලෑස්ති වෙලා ඉපදෙන්නෙ මේකට..ඒක සම්පුර්ණ වුනාම අපේ ජීවිත වලට තේරුමක් එකතු වෙනවා. "

"මං තාම හිතනවා.  අපි දෙන්නගෙ ජීිවිත සම්පුර්ණ වෙන දවස කවදද කියල.."

"අපි විදින හැම මොහොතකම අපි පරිපුර්ණ වෙනව කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?" 

"මොනවගේ මොහොතකද…"

"හැම මොහොතකම.."


චාරුදර සමග ගෙවන්නට වෙන හැම මොහොතක්ම යළි නොඑළඹෙන මොහොතකැයි හිතා විඳින්නට මම උත්සාහ කරමි. ඒ ඇස් ඇතුළේ පැළපදියම් වෙන්නට මට උවමනා හින්දාම , ඔහුගේ උණුසුම් හදැති පෙම්වතී යළිත් ඔහුගේ තුරුළට පනින්නට සුදානමිනි. 


"ඇයි ආයෙත්…"

හැම මොහොතක්ම අපව පරිපුර්ණ කරවනවා නම් ජීවිතය පරිපුර්ණ කරගන්නට තියෙන සියුම් අවස්ථාව ක් වුනත් මගැර ගන්නේ ඇයි?

චාරුදරගේ කමිසයකින් නොවැසෙන සිරුරේ මස්ගොබ සහිත දෙඅත් වලින් මාව තදින් වැළඳගන්නටත් ාපාඩි වෙන්නටත් පටන් ගත්තාම ජීවිතය ක්‍රමයෙන් ඇස් ඉදිරිපිට පිපෙන්නට පටන් ගනියි. චාරුගේ පිරුණු සරාගික දෙතොල් වැඩියෙන් ක්‍රියාත්මක වෙද්දී ළවචන පිණිස ඒවා නොඇරෙයි. ඒත් හදිසි අහම්බකාරක හාදු සිය ගණනිනි. ඒවා හිස්මුදුනෙන් පටන් ගත්තාම යටිපතුල් තෙක් නොනැවතෙයි.


ළපටි ළැම පොට්ටු වලට තරුණ දෙතොල් වල පහසින් පිපෙන්නට ආරාධනා ලැබෙයි. කොතෙක් වෙලාවකින් වත් අවසන් නොවෙන ආලිංගන වන මැද ලැහැබක ප්‍රේමණිය රෝමාන්තික ජවනිකාවන් සියගණනින් විශ්වයට එකතු කරයි. චාරුදර ගේ ඇගිලි තුඩකින් වුනත් තිනෙත්මා අවදි කළ හැකි බලය විසරණය වෙන්නට පටන් ගනී. තරුණ වෘක කොලුවා ඉන් සිය ආස්වාදය දෙගුණ කරගනිමින් සිටියි. ආදරයේ කැළෑ රෝස අප අවට පිපෙයි. හදෙහි ජනිත වන කඩදාසි කුරුල්ලන් සමදිගේ විත් අනිකා ගේ සමට ඇතුල් වෙයි. කෙළවරක් නැති ප්‍රේමණීය තෘප්තිකාරක සිරුරෙහි ඉසියුම් තැන් වලින් වහනය වෙන්නට පටන් ගනී. 


දිගම දිග සවස් වරු වලින් සමන්විත දිගු සති අන්තයක්ම අප දෙදෙනා ගෙවුවේ ළදු කැළැ අස්සේය. බිම් ගේකය. තෘණ යායකය. පැරණි අතහැර දැමු වාහන යාඩ් එකකය. සමහර වෙලාවට මිනිස් පැටවුන් ලෙසය. අනික් වෙලාවල පෙම්වත් වෘක ජෝඩුවක් ලෙසය. 


"වැඩ සතිය පටන් ගනිද්දී ඔයා ප්‍රෙග්නන්ට් වෙලා ඉදීවිද දන්නෙ නෑ"

දෙවෙනි නිවාඩු දවස පුරාමත් අලුත බැන්ද ජෝඩුවක් වගේ එකිනෙකාගෙන් වෙන් නොවී වෙලි වෙලී සිටිය , පෙම්වතා එසේද කීවේය. 


" මං ආසයි චාරු.."

"මාත් …

ඒ වුනාට.. බබෙක් බඩට ආවම එයා ඔයාගෙ ඇගෙන් එලියට එනකම් ආයෙ ඔයාට වුල්ෆ් ෆෝම් එකට යන්න බෑ”

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...