Thursday, November 17, 2022

Daffodil Terrace 13

 #DT



Daffodil Terrace 

13


එළියේ තිබුණේ එළිමහන් අවන්හලකි. මා චාරුව මගැර ගෙයින් පිටට ආවේ තනිවමය. කමිස ඇදි වැඩිහිටි පිරිමි කිහිප දෙනෙකි. වැඩිහිටි ගැහැනු අඩුය. පවුල් කිහිපයකි. එකිනෙකා එකිනෙකා හා බැදුනු සමාජ ක්‍රමයකි. 


කෑම මේසය මත කෑම බීම බොහෝ තිබේ. චාරු පැමිණ අම්මාගේ කණට කර කිසිවක් කීවේය. ඇගේ උරහිස මතින් මගේ මුහුණ ද බැළුවේය. එය ප්‍රීතිය උතුරන බැල්මකි. අම්මා කුමක්දෝ කී විගස  ඔහු ළග තිබුණු ලී මේසයක් මතට පැන එහි හිටගත්තේය. 


"හැමෝම… කෝ කෝ කට්ටිය .. ළං වෙන්න.. හැමදාම කවුරු හරි කතා කරනව.. කවුරු හරි අහං ඉන්නවා . මාත් ඉස්සර එහෙමයි.. ඒ වුනාට මං අද කතා කරනව. අපි අද වෙනකොට අපේ ජීවිත ගෙවන්නෙ මේ සීමාවෙ විතරයි. හැමෝම දන්නවා ඒ ඇයි කියල. අපට අපි පදිංචි වෙලා හිටිය භුමිය අහිමි වෙලා අපේ ජනපද විසිරිලා අපේ නායකයො එක එක තැන් වල ජීවත් වෙන්න පටන් අරන් දැන් අවුරුදු සිය ගාණක්.. හැබැයි අපි කොහොම හරි පැවතෙන්න පුලුවන් විදියට ඉදලා තියෙනව.. 


ඉතිහාසයේ කිසිම තැනක අපි ගැන සටහන් වෙලා නෑ.එක්කො ඉතිහාස පොත් ලිව්ව අය අපිව පොත් වලින් අයින් කරලා ඇති.. කොහොම වුනත් අපට අපේ ඉතිහාස කතාව ලියාගන්න පුලුවන් . මං හිතන්නේ දැන් අපි අපේ නැතිවෙච්ච ඉඩකඩම් ටික ආපහු ලබාගන්න එකේ ඉඳලා අනිත් හැමදේම වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නෝන.. 


අපි මේ ජනපදය ඇතුළෙ මෙහෙම නිදහසේ ජීවත් වුනාට අපට අමතක කරන්න බෑ අපේම සහෝදරවරු කොට්ඨාසයක් සදාකාලික ශාපයක ජීවත් වෙන බව ..  ඒ වගේ ශාපයකින් තමන්ගේ මිනිස්සු බේරගන්න නම් අපට සමහර කැපකිරිම් කරන්න සිද්ද වෙනව.. අපි හැම වෙලාවෙම අපි වෙනුවෙන් ඉන්නොන. 


එතකොට මේ ආගන්තුක ගෑනු ළමයා.. තමයි තීනෙත්මා.. අද ඉඳලා තීනු අපට ආගන්තුක නෑ. ඉතින් අද මේ ඩිනර් එක, අපේ අම්මා කියන්නේ එහෙමයි.. මේ ඩිනර් එක තීනුට.. අපි මේක එන්ජෝයි කරන්න ඕනෙ රැයක් අද.." 


පිරිමි ළමයින් අත්පුඩි ගසමින් කෑකෝ ගසන්නට පටන් ගත් අතර ලී මේස එකතු කර සකස් කරන ලද දිග කෑම මේසය වටා එක් එක්කෙනා එය වටා ඉද ගත්හ. 


මගේ ජීවිතය පුරාවට මා එක් එක් කෑම වර්ග රස විඳ ඇත. ලංකාවේදිද විදේශීය සංචාර වලදීද නොයෙක් විකාර කැම දැක ඇත. එහෙත් මෙහි තිබුණේ හරිම රසවත් හරිම ලස්සන ඇසටද විචිත්‍ර කෑම මේසයකි. 


"ඔයා චිකන් ඇරෙන්න වෙන දේවල් කනවද?" චාරුගේ අම්මා ඇසුවාය. මම හිස සලා නැතැයි කීවෙමි. මේ දෙස බලාගෙන සිටි චාරු මා අසල පුටුව ඇදගෙන එහි නුහුරට හිඳ ගත්තේය. 


"මොනාද අපේ අම්මා අහන්නෙ. ?"

"චිකන් විතරද කන්නෙ කියලා.. ඇයි?"

"මං හිතුව කවදද චාරුව බදින්නෙ කියලා ඇහුවද කියලා.."

"චා…රූ.." මම තරවටු බැල්මකින් බැළුවෙමි. 

"විහිලුවක්නෙ ඕයි.. මෙහෙ චිකන් නම් බෙහෙත් ගහපු බ්‍රොයිලර් ජරාව නෙමෙයි හරිද.. ඇති වෙන්න කන්න..අපේ අම්මා තමයි බෙස්ට්ම චිකන් උයන්නේ"

"ඇයි මට කවන්න මෙච්චර හදිස්සි.."

"ඉක්මනට ඔයාව ගෙනිහින් දාලා ඇවිත් මං වැටෙන්න බොනව."

"බොනව?"

"ඕ.."

"මේ සදුද .. රෑ. හෙට වැඩ තියෙද්දී"

"ඔය වැඩ නම් මොනාද .. තීනු"

"මට ඔයාගෙ ඔය වගකීමක් නැති වැඩ නම් පේන්න බෑ "

"මං ඕන වෙලාවට මගෙ වගකීම් ඉශ්ට කරලා ඇති.. ඉස්සරහ ට කරන්නෙත් එහෙමයි"


වෙනත් කොලුවෙක් ගේ කෑගැසීමකට හැරී බැලු ඉලන්දාරියා පුටුවෙන් පැන අඩියට දෙකට ඔහු වෙතට දිව යන අයුරු මම පුදුමයෙන් බලා සිටියෙමි. ජවසම්පන්න ශරීරයක් ඇතුළෙ අධිරෝමාන්තික පිරිමි ආත්මයක් මගේ අතට හසුවි වැඩි වෙලාවකුත් නැත. කා බී අවසන්ව මම චාරුගේ අම්මා දෙස බැලුවෙමි. 


"ඉඩ තියෙන වෙලාවක එන්න පුතේ.. අපට කතා කරන්න ගොඩක් දේ තියෙයි"


මා චාරුගේ බයික් එකට නගිද්දී ඇය මගේ දකුණු උරහිස පිරිමැද කීවාය. මා අධික සීතලට හසු වේවියි කියා ඇය සතුව තිබු වෛවර්ණ සළුවක් තෑගි කළාය. මම එය ගෙළ වටා ඔතා ගතිමි. ඇයට කෘතඥ වනු පිණිසය. ඒ දැක ඕ දිලිසෙමින් හිනැහිණි. චාරු බයික් එක ස්ටාට් කළේය. පවනට බඳු වේගයෙන් කඳු හිස කරා ඇදී ගියේය. මිහිදුම පිරෙයි. සීතල දැනෙයි. ඉදිරියෙන් එන වාහනයක පහන් එළි හෝ නොපෙනෙයි. 


" හීතලද?" ගෙළ පසුපසට කර චාරු විමසයි. මම කෑගසා නැතැයි කියමි. එකවරම බයිසිකලය නතර කරන්නට ඔහු පෙළඹුණේ මන්දැයි මුලින් මට දැනුණේ කේන්තියකි.පසුව බියකි. ටිකකින් හේතුව මිහිදුම මැදින් මතු වුවේය. හෙඩ් ලයිට් දල්වාගත් ඒඩ්න් ජීප් එක පාර මැද නවත්වාගෙන හිටගෙන හිටියේය. 


චාරුදර බයිසිකලය පසෙක නතර කරද්දී මම වහා ඉන් බැස ගතිමි. චාරුදර හෙල්මටය ගළවා බයිසිකලය මතින් තැබුවේය. 


" කොහෙද තීනුව එක්ක ගියෙ?"

" දැන් ඇයි ඒක මං ඔයාට කියන්න ඕන"

"උඹ ඕනවට වැඩියි චාරුදර. මේ කෙල්ලගෙන් උඹ ඈත් වෙලා ඉන්න ඕන"

"ඒක කියන්න උඹ කවුද බං"

"උඹ මෙතන ඕව ඇක්ට් කරන්න එපා"

"උඹ ඕව රිඇක්ට් කරන්න එපා ඒඩ්න්.උඹ උඹෙ වැඩක් බලාගෙන ඉඳපන්"


මා ඒ ාදදෙනා ඉදිරියට ගියේ සීතල කදුකරය උනුහුම් කරවිය හැකි මහා ගින්දරක් ඇවිාලන්නට යන බව ඉවකින් මෙන් දැනුණ බැවිනි.


"මං කැමැත්තෙන් චාරු එක්ක ගියෙ..ඒඩ්න් ඒ ගැන වද වෙන්න එපා"

"දැන් ඔයා මට කියනවද වද වෙන්න එපා කියලාත්.. "


හිස ඇළ කර ඔහු දෙස බලද්දී ඒඩ්න් ඔහුගේ ආසියාතික ඇස් දෙකින් තියුණු බැල්මකින් මදෙස බලාගෙනම සිටියේය . 


" මං උඹව වෙනම හම්බෙන්නම් "

" මටත් දැන් ඒකට වෙලාවක් නෑ. තීනුව ඇරලවන්න හොදටම පරක්කුයි. .යං තීනු"


චාරුදර මා රැගෙන බංගලා කන්ද පාමුළට ගියේ අසුරු සැණිනි. ඒඩ්න් මේ තරමට මේ ගමන සම්බන්ධයෙන් කේන්ති ගන්නට හේතුවක් මට නොතේරෙයි. එහෙත් කුඩා වරදකාරි හැගීමක් කටු ගොඩක් මෙන් යටිහිතේ ඇනෙයි.


බංගලා කන්ද මුදුන තනිකර සුදු මිහිදුම් ගුලාවකි. 


" යං.."

" මං යන්නම්"

"එතකොට?"

" තනියෙන් යන්නං..ඔයා යන්න"

" විකාරද?"

"ඇයි?"

"යමං.. නැත්නම් උස්සං යන්නෙ.."


චාරු කී විලාසයට මට සිනා නැගිනි. අපි සිනාාවමින් කන්ද නගින්නට පටන් ගත්තෙමු. 


"ඇයි ඒඩ්න් එක්ක ඒතරම් තරහ.  "

"දැනගන්නම ඕනෙද?"

"ඔව්"

"අපි නැචුරල් එනිමිස් ලා තීනු.. ඌව දැක්කම මට ඌට බිම දාගෙන ගහන්නමයි හිතෙන්නෙ.. "

"ඇයි අනේ ඒ?"

"සමහර විට පරම්පරාවෙන් එන හතුරුකම් වෙන්නැති.."

"අර ඔයා කිව්ව ඉඩම් මංකොල්ල කෑමට පීටර්ස් ලත් සම්බන්ධ යිද"

"හ්ම්.. එහෙම තමයි කියන්නේ "

"ඒවට ඒඩ්න් එක්ක කේන්ති අරන් වැඩක් නෑනෙ.  එයාත් අපි වගේම මේ පරම්පරාවෙ කෙනෙක්නෙ.  ඉතිහාසෙ අයගෙ වැරදි වලට අපි ඒඩ්න් එක්ක වෙලා වැඩක් නෑනෙ.. "

"හ්ම් ඒ ගැන වෙනම කතා කරමු … "


බංගලාවේ ආලින්දය තෙක් ඇවිද ආ චාරුදර සමග කතා කරන්නට හිමකර එලියට ආවේය. ඔහු හිමකර සමඟ සිගරැට්ටුවක් දල්වා ගත්තේය. හිමකර මවෙත සිගරැට්ටුව පාද්දි මදෙස රවා බැලුවේය. නොබැන්නේය. 


"බලහංකො මේකි!" කීවේය. හිමකර සිනාසුණේය. 

"ඒකනෙ උඹට කියන්නේ ..තීනු උඹට සෙට් වෙන්නෙ නෑ"

"නෑ..මං කියන්නේ මචං, කෙල්ලෙක් වුනාම..එයා කවද හරි අම්ම කෙනෙක් වෙනවනෙ..ඉතින් .. ඒකයි. එහෙම නැතුව කෙල්ලෙක් ආතල් නොගෙන ඉන්නෝන කියලා කියනවා නෙමෙයි"

"දැන් බොන්න තියෙනවා කියල.. කලින් යන්නෝන කියලා දැගලුව නේද?"

"මුට ඔයාව දාලා යන්න හිතෙන්නෙම නැතුවැති.. ඒකයි මේ" 

"ඒ වුනාට මට මහන්සි.. මං යනව ..නිදියන්නොන"


කොල්ලන් දෙදෙනාට  තව වෙලාවක් මිදුලේ සිටින්නට ඉඩ හැර මම කෙලින්ම නාන කාමරයට ගියෙමි. මේ වගේ වෙහෙසකර දින වලට උනුවතුර ආශිර්වාදයකි. නිරුවත් ළමැද දිගේ චාරු දුන් කරමාලය වඩාත් ලස්සනට පේනවා යැයි හිතුන ඇසිල්ලේ මම දෙපියොවුරු නොපෙනෙන සේ මාලයේ පින්තූරයක් අරගෙන උත්‍රා අක්කට යැවුවෙමි. 


"වාවු"

ඒ ඇගේ ප්‍රතිචාරයයි. 


" දෙයාස් අ හර්බ් ඉන්සයිඩ්.."

"ලවිට් අනේ"

"කිවුට් නේහ්"

"ඕ.."

"කියනවකො ඩේට් එක ගැන"

"අයියෝ අක්කි . ඉට්ස් නොට්අ ඩේට්..ජස්ට් අ විසිට්"

" කොල්ලෙක් පලවෙනියටම කෙල්ලෙක්ව ගෙදර එක්කන් යනව කියන්නේ ලොකු කතාවක්.. හරීි..ද"

"ම්ම්ම්"

"මොනාද උනේ.."

"ස්පෙශල් මොකුත් නං නෑ.අමුතු කල්ට් එකක්.. මාර යුනිටි එකක්..හැබැයි ඒ ටික නං පිස්සුවක්..ඔයා ඉන්නයි තිබුණෙ අක්කි. ඇත්තටම මං වශී වුනා.."

"චාරුදරට?"

"නෑ නෑ. එයාලට .. දන්නවද ඒ කොල්ලො ඔක්කෝම ඉන්නෙ ශර්ට් අදින්නෙත් නැතුව.. ඔයා විශ්වාස කරයිද මන්ද.. හැමෝම මාර කට් වෙච්ච ඇගවල් තියෙන එවුන්.. අර හිමා කියනව වගේ වයසට වැඩිය වැඩිච්ච වහුපැටව් වගෙ. "

"ඒඩ්න්ද චාරුද?"

 

මම ඊට පිළිතුරක් දෙන්නට මොහොතක විරාමයක් ගනිමි. සන්සන්දනාත්මකවම උත්‍රාට ඒගැන කියන්න මට උවමනාය.

No comments:

Post a Comment

මගේ පුනරුද කලාපය 08

 ජීවිතයේ ගෙවෙන හැම තත්පරයකටම තේරුමක් තියෙන්න ඔ්නැද කියනෙක ගැන මම හුගක් කල්පනා කරමින් හිටිය කාල වකවානුවක් ඒක. බොහෝ තදින් රිදෙන වෙලාවක වගේම කි...